Friday, November 25, 2011

ප‍්‍රාර්ථනාව

හිත ළඟම ඔබ ඉඳං 
තෙපලනා වදනකින් 
මගේ හිත නිවෙන හැටි 
ඔයා දන්නවා නේද 
තුරුල් කරගෙන ළයට 
ඔබෙ සුසුම් විඳින්නට 
මං පෙරුම් පුරන හැටි 
ඔයා දන්නවා නේද 
ළමැද පිරි උණුහුමට 
තද කරං මගේ වත 
මං ඉන්න කැමති වග 
ඔයා දන්නවා නේද 
මගෙම කරගෙන ඔබව 
මං ළඟම තියාගෙන 
මං ඉන්න කැමති බව 
ඔයා දන්නවා නේද

No comments:

Post a Comment