තියා පා පොඩි
සෙමින් ඇවිදින
මගේ හද මඩලේ
දුවේ නුඹ මගෙ
හීන අරගෙන
දුවයි මට රහසේ
මගේ ළය මත
හිස හොවාගෙන
නුඹ විඳින සෙනෙහේ
ගෙනෙනවා මට
නොනිත් අභිමන්
පියෙකුගේ උරුමේ
දිනන දා මතු
දිනෙක ලොව ඔබ
මා නොමැති සසරේ
තියේවී ඔය
කිරි සිනා මගෙ
මතක මග අතරේ
Wednesday, July 9, 2014
Saturday, June 28, 2014
පොසොන් සැමරුම
පන්සල් ගොස්
සිල් අරගෙන
පන්සිල් ගෙන
බුදුන් පුදා
මිහින්තලේ
දන්සල් දී
මිහිදු හිමිට
කුසුම් පුදා
ජාති ආල
තෙල් ගිනි ගෙන
ගෙවල් කඩා
රුපුන් මරා
සියල් සතුන්
නිදුක් වෙන්න
මං පැතුවා
දොහොත් නගා
සිල් අරගෙන
පන්සිල් ගෙන
බුදුන් පුදා
මිහින්තලේ
දන්සල් දී
මිහිදු හිමිට
කුසුම් පුදා
ජාති ආල
තෙල් ගිනි ගෙන
ගෙවල් කඩා
රුපුන් මරා
සියල් සතුන්
නිදුක් වෙන්න
මං පැතුවා
දොහොත් නගා
Tuesday, June 17, 2014
සිහින පැතුම
සිහින සිතුවම්
අඳින මා මනසේ
ආල හැඟුමන්
පිපී එයි රහසේ
හිතේ හැම කොණ
ඇවිදිනා සිතුසේ
නුඹ නැතිව මම
ඉන්නදෝ කෙලෙසේ
නුඹේ නෙතු ළඟ
මා දුටුව හැඟුමන්
නුඹේ හිත ළඟ
මා පිරුව පැතුමන්
සැබෑ කර ගමු
එක් වෙලා අපි
දිනා අපගේ
පෙම් ලොවේ අභිමන්
නුඹට මා නැති
ලොවක් නැති විලසින්
මටත් නුඹ නැති
ලොවක් නැති විලසින්
අපි අපේ ළඟ
හිඳිමු සැමදා
අපිට අපි හිමි
දිනක් එයි නිසැකෙන්
අඳින මා මනසේ
ආල හැඟුමන්
පිපී එයි රහසේ
හිතේ හැම කොණ
ඇවිදිනා සිතුසේ
නුඹ නැතිව මම
ඉන්නදෝ කෙලෙසේ
නුඹේ නෙතු ළඟ
මා දුටුව හැඟුමන්
නුඹේ හිත ළඟ
මා පිරුව පැතුමන්
සැබෑ කර ගමු
එක් වෙලා අපි
දිනා අපගේ
පෙම් ලොවේ අභිමන්
නුඹට මා නැති
ලොවක් නැති විලසින්
මටත් නුඹ නැති
ලොවක් නැති විලසින්
අපි අපේ ළඟ
හිඳිමු සැමදා
අපිට අපි හිමි
දිනක් එයි නිසැකෙන්
Sunday, June 15, 2014
මගෙම වන ඔබ
උදෑසනම හිරු
එළියක් සේ විත්
මා ළඟ නැවතී
ඉන්න අහනවා
සිනා සපිරි ඔබෙ
අවිහිංසක වත
මගෙ දුක් ලතැවුල්
නිවා දමනවා
නුඹ නොමැතිව
මම ඉන්නේ කෝමද
මං ළඟ සදහට
ඉන්න කියනවා
එළියක් සේ විත්
මා ළඟ නැවතී
ඉන්න අහනවා
සිනා සපිරි ඔබෙ
අවිහිංසක වත
මගෙ දුක් ලතැවුල්
නිවා දමනවා
නුඹ නොමැතිව
මම ඉන්නේ කෝමද
මං ළඟ සදහට
ඉන්න කියනවා
Thursday, June 5, 2014
පෙම් හසරැල්
මිහිරි පෙම් හසරැල්
සිත පුරා විඳි මං
අහස පීරා
කෙසේ සොයමිද
මට ම හිමි තරුවැල්
බිම පිපෙන කොඳ මල්
විහිදුවන සුවඳින්
තෙමී මත් වී
කියන් එනවද
ඉන්නවා එනකල්
අහිමි කළ හසරැල්
ළං කරනු හැකි නම්
කොහේ යන්නද
නුඹව තනිකර
නුඹ මගෙයි හැම කල්
සිත පුරා විඳි මං
අහස පීරා
කෙසේ සොයමිද
මට ම හිමි තරුවැල්
බිම පිපෙන කොඳ මල්
විහිදුවන සුවඳින්
තෙමී මත් වී
කියන් එනවද
ඉන්නවා එනකල්
අහිමි කළ හසරැල්
ළං කරනු හැකි නම්
කොහේ යන්නද
නුඹව තනිකර
නුඹ මගෙයි හැම කල්
Subscribe to:
Posts (Atom)