Wednesday, July 9, 2014

දුවේ

තියා පා පොඩි
සෙමින් ඇවිදින
මගේ හද මඩලේ
දුවේ නුඹ මගෙ
හීන අරගෙන
දුවයි මට රහසේ

මගේ ළය මත
හිස හොවාගෙන
නුඹ විඳින සෙනෙහේ
ගෙනෙනවා මට
නොනිත් අභිමන්
පියෙකුගේ උරුමේ

දිනන දා මතු
දිනෙක ලොව ඔබ
මා නොමැති සසරේ
තියේවී ඔය
කිරි සිනා මගෙ
මතක මග අතරේ

No comments:

Post a Comment