Wednesday, November 2, 2016

ඒ සොඳුරු අවහන්හල

අඩ අඳුරු අවහන් හල් බිම
දුම් රොටු බිඳී
සිවිලිමේ හැප්පෙන
දුම්වැටි එළි දිලෙන
යළිත් එළිය අඩුවී මැකෙන
ටිං ටිලි ටිං හඬින්
බෝතල් වීදුරුත් හැප්පෙන
චාස් හඩ නගමින්
තාච්චිය ලිප අතර නැළැවෙන
නෙක නෙක බයිට්
එක තාච්චියේ හැදෙන
ටිප් එක නොතැබු උන්
බිමං බලං පිටවෙන
තව සීයක් ගහමු
උස් හඬ නිරතුරුව රැව්දෙන
පොඩි පොඩි වලි ඇදෙන
තට්ටු දමමින් ගී ගැයෙන
මෙතරම් තැනක් තව කොහිද
ජීවිතේ රස හොඳින් දැනවෙන

හඬන වෙරළත

වහිනකොට ඈත දියඹට
ඒ වැහි දියට තෙමෙන රළ පෙළ
අරගෙන ඇවිත් කඳුළු වෙරළට
හැංගුවා ඉකිය හෙමි හෙමින් වෙරළත


ඒ වෙරළෙ වැලි මත
දෙදෙනෙක් එක්ව සවසක
තැබූ පියසටහන් වල
ලකුණු මැකුවා හඬන රළ පෙළ

මැකුණු පියසටහන් මත
එකක් ගානේ කඳුළු සිරකර
වෙන්වී ගිය දෙදෙන
හැංගුවා ඒ කඳුළු රළ මත

Monday, March 14, 2016

සැර ලොකු තාත්තේ

කොළඹ සිට හෙමිහිට කන්ද නැගගෙන එනවිට බර වෙච්චි මගෙ හදවත කඳුළු පැන්නා නුවරඑළියෙදි ආවම නිදා උන් තැනට උන්නු හැටි කාවදාවත් නැති ලෙස ඇඳගෙන රත්තරන් පැහැ ඇඳුම ඇඬුවා කට වසාගෙන මං..... උස්සං ගියා ගෙදරටම ඇඬුවා කකුල් මුල හිඳ ආයිමත් ආවෙ නෑ මං දකින්නට ඔබේ උවනත එක්කං ගියා බෝ අය යන අවසන් ගමන හෙමිහිට එක්කහු උනේ නෑ මං එක්කං යන්න කිසි විට පස් කඳු දමා වැහුවට කොහොම වහනද මතකය අනේ...... මං වඩාගෙන හුරතල් කෙරුවට තරමට

Sunday, March 13, 2016

හඬන උල් කටු

අරං ගියහම
පුංචි මල් පෙති
සුළඟ ඇවිදින්
ගහෙන් වට්ටපු
දුකට හැඬුවා
මලේ තනියට
ළඟට වී උන්
පුංචි උල් කටු

Monday, February 22, 2016

සඳ

මදිද සඳ
අහස මැද
හිනැහුණා
වරුවක්ම
නැගෙන්නට
පෙර දිනිඳු
බැස ගියොත්
හොඳ නැද්