Friday, February 24, 2012

අසම්මත පෙම

බැඳුනෙන් අතැඟිලි 
නොදැනෙන පෙමකට 
ගත සිත දෙකටම 
නොදැනෙන සෙනෙහස 
සොයා කතර දිග 
ඇවිදන් ආ මග 
නොදැනිම බැඳුණා 
අපෙ හිත් අප වෙත 
අසම්මතය වුව 
අප විඳිනා පෙම 
අත් හැර යන්නට 
අපිට නොහැකි සඳ 
කාලය මග හැර 
සැඟවී හෙමිහිට 
කඳුළු සඟවලා 
රිදෙන දෙනෙත් වල 
ළං වී විඳගමු 
සිත ඉල්ලන පෙම

Thursday, February 16, 2012

ඔබ අද මා ළඟ නෑ


වසන්තයේ අග
හමුවන දිනකදි
නුඹ මගෙ වන බව
දැනෙනා විට මට
ඉපිලෙන සිත ගැන
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
හිත අද්දර හිඳ
ඔබ දෙන සෙනෙහස
සක්මන් කරමින්
හදවත පිරිමැද
දෙන්නට හැකි බව
දිවි ඇති තුරු මට
සවනට කොඳුරා 
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
අහස් වියන යට
පොළෝ තලය මත
ඔබ සිත මට දෙන
සෙනේ තරම ගැන
මා සිත දවනා
උණුසුම් හැගුමන්
ළයට තුරුල් කර
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ

Saturday, January 28, 2012

මතකයේ මළගම


පිපී හිනැහෙන වසන්තේ අග
සමුගනිමි මම දැන් ඉතින්
පුද කරනු මැන මතක වස්ත‍්‍රය
බිඳ වැටුණු පේ‍්‍රමේ නමින්
යථා වාරී වහා පූරා
මුමුණනා ඔය දෙතොලගින්
නැගෙන්නට යළි පතමි පෙර සේ
සිනා මල් කැන් හුරු ලෙසින්
කියා බණවර සත් දිනක් තුළ
නුඹට බැඳි පේ‍්‍රමේ නමින්
දෙන්න කැඳවා සෙනෙහෙ සොයනා
ළබැඳියන් හැම උන් ළඟින්
සෙනෙහසේ මළගමට බැඳි කොඩි
ලිහා මතකෙන් පෙර ලෙසින්
ඉන්න සිනහව මුවග රන්දා
තරහ නෑ බිඳුවක් ඉතින්

Wednesday, December 21, 2011

කලකට පසු


තනි වී තුරුළුව උන් හැටි මතකද
ලොවට හොරෙන් අපි හැන්දෑවේ
ළඟ නැති ඔබගේ සුවඳ දැනෙනවා
ඇස් පිය වූ විට සිතට මගේ
මල් පෙති විසිරී සුවඳ හමන විට
නුඹ මා හමු වූ මතක දිගේ
එක්වී යමු අපි යා හැකි මුළු දුර
නුඹ මගෙමයි මුළු සංසාරේ
තනියට හුරු වී ඉකි බිඳි මගෙ හිත
සොයනා උණුසුම ඔබෙ තුරුලේ
දැනෙනව මට යළි අඩු නෑ බිඳුවක්
ඔබ ළඟ ඉන්නම් මම පෙරසේ
නුඹ මා ළඟ නම් ඉන්නම් සතුටින්
තියෙනා තුරු දිවි සුසුම් මගේ
තියනවා සතුටින් දෙන්නෑ
මම දුක් ආයිත් කිසි දින හිතට ඔබේ

Monday, December 5, 2011

ඉන්නවා මං මෙහෙම මෙතැනම


එක්ව දුටු දුර ඈත සිහිනය
එක්ව තුරුළුව යළි දකින්නට
බලා ඉන්නම් යළිත් එනතුරු 
ඇඟිලි ගණිමින් මෙහෙම මෙතැනම
ඔබ නැතිව ළඟ දැනෙන පාළුව
කියා ගන්නට වචන නෑ මට
එන්න හැකිනම් නිසැකවම මම
එනව දකිනට මගේ සද ඔබ
එන්න පෙ සේ සිනා කැන් ගෙන
බලා ඉමි මං මෙහෙම මෙතැනම