Thursday, November 27, 2014
ආයුබෝවන් චට්ටු කුට්ටන්
ජම්බු දීපෙන්
සිනා කැන් ගෙන
මෙරට ආවද
චට්ටු කුට්ටන්
ආව ගිය
ළඟ උන්නු හැමටම
ඔළුව නැමුවද
චට්ටු කුට්ටන්
කන්න බත් පත
අතට ගත්තම
ඔළුව ගහ ගෙන
චට්ටු කුට්ටන්
ගෙදර බත් නැති
පොඩි එවුං ගැන
කඳුළු හැළුවද
චට්ටු කුට්ටන්
සැමට හොඳ වී
දොරටු පාලව
දිවිය ජයගත්
චට්ටු කුටුටන්
ගෙදර අය හා
හෝටලෙන් බත්
කන්න ලැබුණද
චට්ටු කුටුටන්
පදක්කං මහ
ගොඩක් පපුවේ
දමං උන්නට
චට්ටු කුට්ටන්
කබායෙන් වැසු
හදවතේ දුක
ඇහුවෙ කවුරුද
චට්ටු කුට්ටන්
ගෙවුණු හැත්තෑ
දෙවැනි වසරෙත්
හිනා වී උන්
චට්ටු කුට්ටන්
ආයි එනතෙක්
ගාළු මුවදොර
ආයුබෝවන්
චට්ටු කුට්ටන්
Tuesday, November 18, 2014
හිරේ ගිය හිමි සඳුට
කුඩු විකුණලා
හිරේ ගිහින්
කූරු ගණින නිසා එයා
දරු බර
කර මත අරගෙන
පාරෙ දුවන යශෝධරා
මිනිහ වගේ
හොරෙන් හොරන්
කුඩු විකුණල සල්ලි හොයා
දරු දෙන්නට
කන්න දෙනවා
හැමදාමත් යශෝධරා
සිල්වා අයියා
කුඩු දුන්නට
විකුණ ගන්න දවස පුරා
අහු උනාම
බැලුවෙත් නෑ
හිරේ ගියපු මිනිහා දිහා
ඇස් රතු කර
හැන්දෑවට
පෑල දොරින් ඇවිත් ගියා
සල්ලි වලින්
ඇපල් අරං
බෝගම්බර ඊයෙ ගියා
ලෙඩ හැදිච්ච
පොඩි එකාට
බෙහෙත් ගන්න එක්ක ගියා
ලයිට් අරං
මහත්තයෙක්
පෙරේද ඇවිදිල්ලා ගියා
සීට් පහක්
වහලට දා
තෙමෙනා තැන් වහලා ගියා
ඒ ටික ගැන
හිලව් වෙන්න
මාත් එක්ක ඇඳට ගියා
එන්නැති උඹ
ගැන හිත හිත
හිටියොත් අපි බඩගින්නේ
ආස උනත්
නැතිව උනත්
කරනව මං මේ යුද්දේ
ඉන්න තැනක
උඹ හිටපං
හිත තද කර හිමි සඳුනේ
බැරිම උනොත්
සැඟ වෙන්නම්
ගැඹුර සොයා ළිං පතුලේ
හිරේ ගිහින්
කූරු ගණින නිසා එයා
දරු බර
කර මත අරගෙන
පාරෙ දුවන යශෝධරා
මිනිහ වගේ
හොරෙන් හොරන්
කුඩු විකුණල සල්ලි හොයා
දරු දෙන්නට
කන්න දෙනවා
හැමදාමත් යශෝධරා
සිල්වා අයියා
කුඩු දුන්නට
විකුණ ගන්න දවස පුරා
අහු උනාම
බැලුවෙත් නෑ
හිරේ ගියපු මිනිහා දිහා
ඇස් රතු කර
හැන්දෑවට
පෑල දොරින් ඇවිත් ගියා
සල්ලි වලින්
ඇපල් අරං
බෝගම්බර ඊයෙ ගියා
ලෙඩ හැදිච්ච
පොඩි එකාට
බෙහෙත් ගන්න එක්ක ගියා
ලයිට් අරං
මහත්තයෙක්
පෙරේද ඇවිදිල්ලා ගියා
සීට් පහක්
වහලට දා
තෙමෙනා තැන් වහලා ගියා
ඒ ටික ගැන
හිලව් වෙන්න
මාත් එක්ක ඇඳට ගියා
එන්නැති උඹ
ගැන හිත හිත
හිටියොත් අපි බඩගින්නේ
ආස උනත්
නැතිව උනත්
කරනව මං මේ යුද්දේ
ඉන්න තැනක
උඹ හිටපං
හිත තද කර හිමි සඳුනේ
බැරිම උනොත්
සැඟ වෙන්නම්
ගැඹුර සොයා ළිං පතුලේ
Monday, November 17, 2014
යශෝධරා
යශෝධරා
මං එනකල්
කවුළුව ළඟ ඉන්නවාද
පුංචි පුතා
ලෙඩ හැදුනම
තාම රැට අඩනවාද
වීදි පහන්
එළි යට හිද
දුව පාඩම් කරනවාද
වහලේ තියෙන
හිල් අතරින්
තාමත් ගේ තෙමෙනවාද
විමුක්තියක් හොයාන මං
අබිනික්මන්
කළා නොවේ
නුඹ විදිනා
දුක් ගිනි ගැන
මගෙ හිත නොතැවුණා නොවේ
සිටු මැදුරක්
ගොඩ නගන්න
මං කුඩු විකුණුවා නොවේ
පොඩි උන්වයි
නුඹයි අරන්
රට යන්නට පැතුවා නොවේ
මූදෙ ඉන්න
ලොකු මෝරුන්
දැල් කඩාන පැන යද්දී
සූඩ හාල්මැස්සන් පොදි
හිල් කූඩෙට අසු වෙද්දී
නුඹයි මායි පැතූ පතුම්
උඩු හුළඟට අසුවෙද්දී
අහස කඩන් බිම වැටුණා
බිම හෙල්ලී පෙරලෙද්දී
යකඩ කූරු
ගැන ඉවරයි
දහස් වරක්
මේ වෙනකොට
ඉර දකින්නෙ
එක සැරයයි
සුමානෙකින් එක දවසක
නුඹෙ උණුහුම
මතක් වෙන්නෙ
සීතල පොළවට වැටුණම
සිය පාරක්
මැරෙනව මං
ජීවත් වෙන එක දවසට
මං බලන්න
ආයිත් නම්
බෝගම්බර එන්න එපා
දුවයි පුතයි
ඇහුවොත් මිස
මං ගැන යළි කියන්නෙපා
හිනා වෙලා
එන ලොක්කන්
ගේ ඇතුලට ගන්න එපා
පොඩි එවුන්ට
කන්න නැතත්
උඹ කුඩු විකුණන්න එපා
මං එනකල්
කවුළුව ළඟ ඉන්නවාද
පුංචි පුතා
ලෙඩ හැදුනම
තාම රැට අඩනවාද
වීදි පහන්
එළි යට හිද
දුව පාඩම් කරනවාද
වහලේ තියෙන
හිල් අතරින්
තාමත් ගේ තෙමෙනවාද
විමුක්තියක් හොයාන මං
අබිනික්මන්
කළා නොවේ
නුඹ විදිනා
දුක් ගිනි ගැන
මගෙ හිත නොතැවුණා නොවේ
සිටු මැදුරක්
ගොඩ නගන්න
මං කුඩු විකුණුවා නොවේ
පොඩි උන්වයි
නුඹයි අරන්
රට යන්නට පැතුවා නොවේ
මූදෙ ඉන්න
ලොකු මෝරුන්
දැල් කඩාන පැන යද්දී
සූඩ හාල්මැස්සන් පොදි
හිල් කූඩෙට අසු වෙද්දී
නුඹයි මායි පැතූ පතුම්
උඩු හුළඟට අසුවෙද්දී
අහස කඩන් බිම වැටුණා
බිම හෙල්ලී පෙරලෙද්දී
යකඩ කූරු
ගැන ඉවරයි
දහස් වරක්
මේ වෙනකොට
ඉර දකින්නෙ
එක සැරයයි
සුමානෙකින් එක දවසක
නුඹෙ උණුහුම
මතක් වෙන්නෙ
සීතල පොළවට වැටුණම
සිය පාරක්
මැරෙනව මං
ජීවත් වෙන එක දවසට
මං බලන්න
ආයිත් නම්
බෝගම්බර එන්න එපා
දුවයි පුතයි
ඇහුවොත් මිස
මං ගැන යළි කියන්නෙපා
හිනා වෙලා
එන ලොක්කන්
ගේ ඇතුලට ගන්න එපා
පොඩි එවුන්ට
කන්න නැතත්
උඹ කුඩු විකුණන්න එපා
Wednesday, November 12, 2014
බැස ගිය රතු හිරු
නොරිකෝ
සකුරා මල්
හෙවන දිගේ
ඇවිද ගිහින්
ඔබෙ අත ගෙන
කබුකි බලපු
අතීතයට
යන්න ආයි
බැරි උනාට
ඒ සුන්දර
මතක සුවඳ
හැමදාටම
අපෙ හිත් වල
තියෙනව නොරිකෝ
හෙවන දිගේ
ඇවිද ගිහින්
ඔබෙ අත ගෙන
කබුකි බලපු
අතීතයට
යන්න ආයි
බැරි උනාට
ඒ සුන්දර
මතක සුවඳ
හැමදාටම
අපෙ හිත් වල
තියෙනව නොරිකෝ
- මං -
දෙවොන්දරා සං
දෙවොන්දරා සං
Subscribe to:
Posts (Atom)

