කුඩු විකුණලා
හිරේ ගිහින්
කූරු ගණින නිසා එයා
දරු බර
කර මත අරගෙන
පාරෙ දුවන යශෝධරා
මිනිහ වගේ
හොරෙන් හොරන්
කුඩු විකුණල සල්ලි හොයා
දරු දෙන්නට
කන්න දෙනවා
හැමදාමත් යශෝධරා
සිල්වා අයියා
කුඩු දුන්නට
විකුණ ගන්න දවස පුරා
අහු උනාම
බැලුවෙත් නෑ
හිරේ ගියපු මිනිහා දිහා
ඇස් රතු කර
හැන්දෑවට
පෑල දොරින් ඇවිත් ගියා
සල්ලි වලින්
ඇපල් අරං
බෝගම්බර ඊයෙ ගියා
ලෙඩ හැදිච්ච
පොඩි එකාට
බෙහෙත් ගන්න එක්ක ගියා
ලයිට් අරං
මහත්තයෙක්
පෙරේද ඇවිදිල්ලා ගියා
සීට් පහක්
වහලට දා
තෙමෙනා තැන් වහලා ගියා
ඒ ටික ගැන
හිලව් වෙන්න
මාත් එක්ක ඇඳට ගියා
එන්නැති උඹ
ගැන හිත හිත
හිටියොත් අපි බඩගින්නේ
ආස උනත්
නැතිව උනත්
කරනව මං මේ යුද්දේ
ඉන්න තැනක
උඹ හිටපං
හිත තද කර හිමි සඳුනේ
බැරිම උනොත්
සැඟ වෙන්නම්
ගැඹුර සොයා ළිං පතුලේ
Blog Archive
-
▼
2014
(84)
-
▼
November
(63)
- ආයුබෝවන් චට්ටු කුට්ටන්
- හිරේ ගිය හිමි සඳුට
- යශෝධරා
- බැස ගිය රතු හිරු
- නොරිකෝ
- දෙවොන්දරා
- පර වෙන කුසුම
- මා මළ පසු
- ණයවර මීවිත
- ඔබ ඉන්න තිබුණා
- පැතුම
- දුක හා සතුට
- පෙම්වතිය ඇතහැරි කුඩය කිව් කව
- අහිමි විහඟ සර
- හෙට එච්චර කළුවර නෑ
- තාත්තියෝ
- නටඹුන් මතක
- අයං වස්සාන කාලො
- පුන් කළස
- ළඟ නැති ඔබ
- පොද සහ මේඝය
- තෙල් බිඳු
- නිරූපිකාවගේ පේ‍්‍රමය
- පේ‍්‍රමයේ මතක බණ වර
- මදි වූ කාලය
- තනි ගසේ ගීතය
- ඔයාලයි මායි
- උරුගුවේ ගංජා නීතිගත කරයි
- දකිනවා සිහිනයක් - පශ්චාත් යුධ කතාව
- පෙර සුවඳ
- නුඹ ගිහින් මගෙ සුරඟනා
- කඳුළ
- නැවුම් සෙනෙහස
- ඔයයි - මමයි
- මලේ දුක් කවිය
- ජීවිතේ ඉතිරි ටික
- පා බිඳුණු නළඟන
- තනි රකින වස් දඬුව
- අවසන් සිහිනය
- මගේ අවසන් ගමන
- ළමා අභිසරුලිය
- ඔබ ඔතැන ඉන්න
- මැරෙමු
- වෙරළේ තනි වූ බෝතලය කී කව
- කම්මල්කරුගේ ශෝකාන්තය
- මියැදුණු සෙණෙහෙ
- මං හොයාපු මං
- සමුගන්න එනතුරු
- තෙමුණු සමණල්ලු
- පාළමින් ගිය තෙටියාගේ ගීතය
- මතකය
- පිණි බිඳක වියෝව
- ගුරු ගීතය
- -----වීදි සරන්නී------
- මල
- මියෙන මල
- මිතුරා
- දුරයි උඹ
- මං ඔයාට ආදරෙයි
- තනිවෙනවා
- කඳුළ
- මරණය
- බේබද්දා
-
▼
November
(63)
No comments:
Post a Comment