කහටගහ පතලේ
සේදු මිනිරන්
කන්ද මුදුණේ
හිරු සෙමින් දිලුණේ
කන්ද පාමුල
අඳුරෙ තිබුණේ
දබරයෙන් ඉහලට
ගෙනෙන මිනිරන් මුදුනට
සෝදනා දෑත් වල
කළු පැහැය
සේදුවේ කවුරුද
දැවෙන කුස ගිනි මැද
හෙළා කඳුළුත් දහඩියත් අද
ගන්න සොච්චම් පඩිය දැක දැක
හෙට දිනේ හිනැහෙන්නෙ කවුරුද
මිනිරන් වලින් කළු වී
කළු උනත් ගත එයින් නැහැවී
දසන් පෙළ සුදුවී
කියයි කවියක් හදින් ඇහැරී
Friday, January 30, 2015
Saturday, January 24, 2015
වසන්තයෙ පළමු මල
පිපෙන්නට වෙර දරන
වසන්තයෙ පළමු මල
ශීතලෙන් ගල් ගැහුණු
පොහොට්ටුව බිඳ හෙලන්
ගිම්හාන දුක සමග
සිසිරයේ වියෝ මැද
රිදුණු පෙති විහිදාන
පිපෙන්නට වෙර දරයි
ලතෙත් වූ සරු බිමක්
ලේ කඳුළු පොහොණි වුණු
පිපෙන මල පිළිගන්න
දයාවෙන් මග බලයි
වසන්තයෙ පළමු මල
ශීතලෙන් ගල් ගැහුණු
පොහොට්ටුව බිඳ හෙලන්
ගිම්හාන දුක සමග
සිසිරයේ වියෝ මැද
රිදුණු පෙති විහිදාන
පිපෙන්නට වෙර දරයි
ලතෙත් වූ සරු බිමක්
ලේ කඳුළු පොහොණි වුණු
පිපෙන මල පිළිගන්න
දයාවෙන් මග බලයි
Thursday, January 22, 2015
අතීත සැමරුම්
කඳු මුදුනට යන පාරේ
දැකලා පුරුදු
ගස් හෙවනක
නතර උනා නිවාගන්න
ගත දවනා ගිම්විඩාව
වාඩි වෙලා මුල් අතරින්
පිට දී මහ ගස් කඳ වෙත
මුවා උනා හිරු එළියෙන්
රත් වී හිස මත නලියන
හමනා මුදු මද සුළඟට
ගස මත රැඳි කූජනයට
පියවුණි දෑසම නොදැනී
ගත විඩාව සිඳෙනා විට
පියවුණු දෑසට බර දී
ඈතින් ඈතට රැව්දෙන
ඇසුනා මද ඉකිබිඳුමක්
සිහිනෙන් මෙන් මගෙ සවනට
සිහිනයෙකැයි සිතා සිතින්
නොතකා හිඳිනට සැදු මුදු
ඈතින් ඈතින් ඇසුණා
මතකය අග රැඳුනු නමක්
ගැස්සී ඇහැරී නැගි විට
පිට දී උන් ගස් කඳ මත
අත රැඳුණා කඩතොළු වුණු
ගස් කඳ මත කෙටු අකුරක
මගෙන් ඈත යන්න කළින්
හමු වී මේ මහ ගස යට
මතක් වුණා නුඹ කෙටු බව
අපි දෙන්නගෙ නමෙ මුලකුර
ඉකිබිඳිනා අපෙ හදවත්
තනා කූඩුවක් ගස පිට
එක්ව හ`ඩන හ`ඩ ඇහෙනවා
විසි වසකට පසුවත් අද
දැකලා පුරුදු
ගස් හෙවනක
නතර උනා නිවාගන්න
ගත දවනා ගිම්විඩාව
වාඩි වෙලා මුල් අතරින්
පිට දී මහ ගස් කඳ වෙත
මුවා උනා හිරු එළියෙන්
රත් වී හිස මත නලියන
හමනා මුදු මද සුළඟට
ගස මත රැඳි කූජනයට
පියවුණි දෑසම නොදැනී
ගත විඩාව සිඳෙනා විට
පියවුණු දෑසට බර දී
ඈතින් ඈතට රැව්දෙන
ඇසුනා මද ඉකිබිඳුමක්
සිහිනෙන් මෙන් මගෙ සවනට
සිහිනයෙකැයි සිතා සිතින්
නොතකා හිඳිනට සැදු මුදු
ඈතින් ඈතින් ඇසුණා
මතකය අග රැඳුනු නමක්
ගැස්සී ඇහැරී නැගි විට
පිට දී උන් ගස් කඳ මත
අත රැඳුණා කඩතොළු වුණු
ගස් කඳ මත කෙටු අකුරක
මගෙන් ඈත යන්න කළින්
හමු වී මේ මහ ගස යට
මතක් වුණා නුඹ කෙටු බව
අපි දෙන්නගෙ නමෙ මුලකුර
ඉකිබිඳිනා අපෙ හදවත්
තනා කූඩුවක් ගස පිට
එක්ව හ`ඩන හ`ඩ ඇහෙනවා
විසි වසකට පසුවත් අද
Monday, December 22, 2014
ඒ සඳ හා මේ සඳ
සඳ ඒවිද ඔබත් එක්ක
මං වගේ ම අත් අල්ලං
සඳට සඳත් අමතක වන
හැන්දෑවල් ගෙවාලන්න
සඳ ඒවිද ඔබත් එක්ක
එළි වෙනතුරු තරු ගනින්න
ඔය උකුලේ හිස සතපා
එළි වෙන තුරු ගිම් නිවන්න
සඳ ඒවිද හිනා අරං
නුඹට ඔ්නෙ හැම වෙලේම
කඳුළු බින්දු අමතක කර
නුඹත් එක්ක හිනා වෙන්න
මං තරමට ආදරයෙන්
ඒ සඳ උන්නොත් නුඹ ළඟ
මං ඉන්නම් ඈතට වී
සඳක් නැගෙන තුරු අහසට
මං වගේ ම අත් අල්ලං
සඳට සඳත් අමතක වන
හැන්දෑවල් ගෙවාලන්න
සඳ ඒවිද ඔබත් එක්ක
එළි වෙනතුරු තරු ගනින්න
ඔය උකුලේ හිස සතපා
එළි වෙන තුරු ගිම් නිවන්න
සඳ ඒවිද හිනා අරං
නුඹට ඔ්නෙ හැම වෙලේම
කඳුළු බින්දු අමතක කර
නුඹත් එක්ක හිනා වෙන්න
මං තරමට ආදරයෙන්
ඒ සඳ උන්නොත් නුඹ ළඟ
මං ඉන්නම් ඈතට වී
සඳක් නැගෙන තුරු අහසට
Subscribe to:
Posts (Atom)

