මදිද සඳ
අහස මැද
හිනැහුණා
වරුවක්ම
නැගෙන්නට
පෙර දිනිඳු
බැස ගියොත්
හොඳ නැද්ද
Monday, February 22, 2016
Monday, February 8, 2016
සරදියෙල්
තුංග උතුවන්
කන්ද මුදුනට
හිමින් හිරු රැස්
ගලනවා ඇති
මම්මලේ උඹ
ගිහිං බලපං
කෝපි මල්
තව පිපෙනවා ඇති
කාදර්ගෙ ඇස්
වලින් හැංගී
මේනකා දැං
මග එනව ඇති
වෙනදා වගෙ නෑ
කලබලයි හිත
පොලීසිය කඳු
වටකරලා ඇති
උණුහුමේ
ඩිංගක් ඉඳින්නට
අම්ම ආවොත්
හිතට පිං ඇති
වැඳලා
එක පාරක් අඬන්නට
තාත්තත්
ආවොතින් හිත ඇති
මේනකාගේ
හුස්මෙ උණුසුම
බෙල්ල මුලටම
තියං උන්නැකි
මං මළොත් හෙම
ම්මමලේ උඹ
කන්ද පහළට
එන්නෙ හෙම නැති
කන්ද මුදුනට
හිමින් හිරු රැස්
ගලනවා ඇති
මම්මලේ උඹ
ගිහිං බලපං
කෝපි මල්
තව පිපෙනවා ඇති
කාදර්ගෙ ඇස්
වලින් හැංගී
මේනකා දැං
මග එනව ඇති
වෙනදා වගෙ නෑ
කලබලයි හිත
පොලීසිය කඳු
වටකරලා ඇති
උණුහුමේ
ඩිංගක් ඉඳින්නට
අම්ම ආවොත්
හිතට පිං ඇති
වැඳලා
එක පාරක් අඬන්නට
තාත්තත්
ආවොතින් හිත ඇති
මේනකාගේ
හුස්මෙ උණුසුම
බෙල්ල මුලටම
තියං උන්නැකි
මං මළොත් හෙම
ම්මමලේ උඹ
කන්ද පහළට
එන්නෙ හෙම නැති
Sunday, January 24, 2016
ආදරේ කවියක්
ආදරේ කවියක්
ඔබ මට
හෙමි හෙමින් කියු
ආදරේ කවියක්
ජීවිතේ දුකකැයි සිතා වුන්
ජීවිතේ ගැන
අලූත් කියැවුම
හෙමි හෙමින්
ළඟ හිඳ කියාදුන්
ආදරේ කවියක්
ඇසූ කියු කවි
දහක් අතරේ
හිතේ පතුලම
සෙමින් පිරිමැද
මගේ ළයටම
තුරුළු වී කියු
ආදරේ කවියක්
ඔබ මට
හෙමි හෙමින් කියු
ආදරේ කවියක්
ජීවිතේ දුකකැයි සිතා වුන්
ජීවිතේ ගැන
අලූත් කියැවුම
හෙමි හෙමින්
ළඟ හිඳ කියාදුන්
ආදරේ කවියක්
ඇසූ කියු කවි
දහක් අතරේ
හිතේ පතුලම
සෙමින් පිරිමැද
මගේ ළයටම
තුරුළු වී කියු
ආදරේ කවියක්
Thursday, January 21, 2016
ඉන්න එනවද
තියා හෙමිහිට
ඔබේ නළලට
පුංචි හීනෙක
රැඳුණු හාදුව
ළයට තෙරපා
ළැමේ උණුසුම
ඉන්න එනවද
දිනෙක මා ළඟ
ඔබේ නළලට
පුංචි හීනෙක
රැඳුණු හාදුව
ළයට තෙරපා
ළැමේ උණුසුම
ඉන්න එනවද
දිනෙක මා ළඟ
අපිටත් හොරන්
ගිනිගත් නගර කොණෙක
රත් වූ වීදි අතරින
මතකද පා නැගූ හැටි
අපි
අපිටත් හොරෙන් හෙමිහිට
ලුහු බඳින දහක් ඇස්
සඟවා පහන් කණු යට
මතකද මග හැරන් ගිය හැටි
අපි
අපිටත් හොරෙන් හෙමිහිට
ඒ බිම පා නගන
අදටත් තදින් සිත දවමින
මතකද වෙන් වෙලා ගිය හැටි
අපි
අපිටත් හොරන් හෙමිහිට
රත් වූ වීදි අතරින
මතකද පා නැගූ හැටි
අපි
අපිටත් හොරෙන් හෙමිහිට
ලුහු බඳින දහක් ඇස්
සඟවා පහන් කණු යට
මතකද මග හැරන් ගිය හැටි
අපි
අපිටත් හොරෙන් හෙමිහිට
ඒ බිම පා නගන
අදටත් තදින් සිත දවමින
මතකද වෙන් වෙලා ගිය හැටි
අපි
අපිටත් හොරන් හෙමිහිට
Subscribe to:
Posts (Atom)