Thursday, May 8, 2014

සුසුම්

රස්තියාදු වළාකුලක්
සඳ වහගෙන හැංගෙනකොට
ඈත රැුඳුුණු තරු කැටයක්
හෙමින් හිනැහුණා
ඒ කළුවර මැද්දෙන් වට
කඳුළු සදිසි පිණි බිඳකින්
බිම පිපි පොඩි මල් කැකුළක්
තෙමී සැනැහුණා
අහස් වියන යට ඉඳගෙන
සුසුම් හෙළන හිත් දෙකකින්
නැගුණු සුසුම් වා තලයේ
මැකී සැඟවුණා

No comments:

Post a Comment