Friday, May 16, 2014

නුඹ නැතිව

නෙත් හොයන
නිල් තරුව
තව නිදිද 
ආකාසයේ
නිදි නැතිව
මල තනිව
තව ඉන්නේ
බිම පාළුවේ

ඇස කොණෙක
තව දිලෙන
පිණි කඳුළු
වියැළෙන පැයේ
හිත ළඟම
ඔබ ඉන්න
හැර නොයා
මගෙ ජීවිතේ

නුඹ නැතිව
හද ගැහෙන
ස්වර බිඳුම
හඳුනන නුඹේ
හිත නැතිව
මම කෝම
තව තනිව
ඉන්නද ප‍්‍රියේ

No comments:

Post a Comment