Thursday, May 8, 2014

මීවිත

පුරාගෙන මීවිතක් 
තබා තොල් අද්දරින් 
උණුහුමක් සොයන්නට 
ගත පෙළන සීතලින් 
සිසිල් වූ හදවතේ 
පුංචි කොණ අද්දරින් 
සිසිල් වෙන්නට නොදී 
හිත දවන සිසිලසින් 
තුන් යමක් රැ පුරා 
නොනිදනා නෙත් වලින් 
හැංගුවා හද කොණෙක 
හොයන්නට බැරි ලෙසින් 
අමතකව නොයන ඔබෙ 
මතක පොද මා ළගින්

No comments:

Post a Comment