Friday, July 11, 2014

සුසුම්

සඳ දිය ලිහී
ගිලිහී අහසින් වැටුණා
නුඹ ගැන හුරු මතක
ඒ හැම තැන තිබුණා
ආ ගිය හැම තැනම
ඒ උණුහුම රැඳුණා
නුඹ නැති අඩුව
වැඩි වැඩියෙන් දැණුනා

නුඹ උන් තැනත් නොතැනත්
රැඳි මතක සුව
හදවත පෙළයි රිදවයි
නිම් හිම් නැතිව
නුඹෙ හිත තරම් 
මගෙ හිත ඇඳිනුවෙ නැතිව
ළඟ උන් නෑ කෙනෙක්
මේ හැටි මට පෙම් කෙරුව

ඉඳ හිට ඇහෙන
වදනට පෙම් බැඳන් මම
ඉන්නව දිනෙක එනතුරු
මගෙ ළඟට ඔබ
නාවත් කිසි දිනෙක
තුරුලට ඔබ මගෙ ළඟට
ආදර මගේ හිත 
තියෙනවා ඔබ ළඟම

No comments:

Post a Comment