Saturday, September 5, 2015

දෙවොන්දරා මං ආවා

දෙවොන්දරා මං ආවා
හිම මිදෙනා රටේ ඉඳන්
හිම දියවෙන ඔබෙ පොළවට
ඔබ දකින්න
ඇස් රිදි රිදි
දෙවොන්දරා මං ආවා
හයිවේ එක පහු උනාම
කැළණි ගෙඟ් ඉවුර දිගේ
වාහන පෙළ පහු කරගෙන
කළු දුම් රොටු මැදින්
දෙවොන්දරා මං ආවා
සුෂී කඩයි කබුකි හලුයි
මං දැක්කේ නැති උනාට
රතු පාටට චීන මකරු
මං දැක්කා හැම තැනකම
ඒ අතරින් ඔබ හොයාන
දෙවොන්දරා මං ආවා
දූලි පිරුණු පාරක් ළඟ
කපුටො ලගින බංකු කොණෙක
අඩමානෙට උන් ඔබ දැක
දෙවොන්දරා මං ආවා
බේරෙ ගෙදර ඉස්සරහම
පොඩි උණු කමිසයක් ඇඳං
කොණ්ඩය පීරලත් නැතිව
උන්නු ඔබේ ඉස්සරහට
ආවම මම පෙර වාගෙම
අඳුන ගත්තෙ නැති උනාට
ඔයාව බලන්න
දෙවොන්දරා මං ආවා
රිදී පාට හිස අතගා
මගෙ ළමැදට තුරුල් කරං
තතමි පැදුරු නැති මෙහේදි
කාඩ්බෝඩ් එකක එළං
ඔයා ළඟට වෙලා ඉන්න
දෙවොන්දරා මං ආවා

No comments:

Post a Comment