නෙත් හොයන
නිල් තරුව
තව නිදිද
ආකාසයේ
නිදි නැතිව
මල තනිව
තව ඉන්නේ
බිම පාළුවේ
ඇස කොණෙක
තව දිලෙන
පිණි කඳුළු
වියැළෙන පැයේ
හිත ළඟම
ඔබ ඉන්න
හැර නොයා
මගෙ ජීවිතේ
නුඹ නැතිව
හද ගැහෙන
ස්වර බිඳුම
හඳුනන නුඹේ
හිත නැතිව
මම කෝම
තව තනිව
ඉන්නද ප‍්‍රියේ
Friday, May 16, 2014
Thursday, May 8, 2014
මීවිත
පුරාගෙන මීවිතක්
තබා තොල් අද්දරින්
උණුහුමක් සොයන්නට
ගත පෙළන සීතලින්
සිසිල් වූ හදවතේ
පුංචි කොණ අද්දරින්
සිසිල් වෙන්නට නොදී
හිත දවන සිසිලසින්
තුන් යමක් රැ පුරා
නොනිදනා නෙත් වලින්
හැංගුවා හද කොණෙක
හොයන්නට බැරි ලෙසින්
අමතකව නොයන ඔබෙ
මතක පොද මා ළගින්
සුසුම්
රස්තියාදු වළාකුලක්
සඳ වහගෙන හැංගෙනකොට
ඈත රැුඳුුණු තරු කැටයක්
හෙමින් හිනැහුණා
ඒ කළුවර මැද්දෙන් වට
කඳුළු සදිසි පිණි බිඳකින්
බිම පිපි පොඩි මල් කැකුළක්
තෙමී සැනැහුණා
අහස් වියන යට ඉඳගෙන
සුසුම් හෙළන හිත් දෙකකින්
නැගුණු සුසුම් වා තලයේ
මැකී සැඟවුණා
Friday, February 24, 2012
අසම්මත පෙම
බැඳුනෙන් අතැඟිලි
නොදැනෙන පෙමකට
ගත සිත දෙකටම
නොදැනෙන සෙනෙහස
සොයා කතර දිග
ඇවිදන් ආ මග
නොදැනිම බැඳුණා
අපෙ හිත් අප වෙත
අසම්මතය වුව
අප විඳිනා පෙම
අත් හැර යන්නට
අපිට නොහැකි සඳ
කාලය මග හැර
සැඟවී හෙමිහිට
කඳුළු සඟවලා
රිදෙන දෙනෙත් වල
ළං වී විඳගමු
සිත ඉල්ලන පෙම
නොදැනෙන පෙමකට
ගත සිත දෙකටම
නොදැනෙන සෙනෙහස
සොයා කතර දිග
ඇවිදන් ආ මග
නොදැනිම බැඳුණා
අපෙ හිත් අප වෙත
අසම්මතය වුව
අප විඳිනා පෙම
අත් හැර යන්නට
අපිට නොහැකි සඳ
කාලය මග හැර
සැඟවී හෙමිහිට
කඳුළු සඟවලා
රිදෙන දෙනෙත් වල
ළං වී විඳගමු
සිත ඉල්ලන පෙම
Thursday, February 16, 2012
ඔබ අද මා ළඟ නෑ
වසන්තයේ අග
හමුවන දිනකදි
නුඹ මගෙ වන බව
දැනෙනා විට මට
ඉපිලෙන සිත ගැන
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
හිත අද්දර හිඳ
ඔබ දෙන සෙනෙහස
සක්මන් කරමින්
හදවත පිරිමැද
දෙන්නට හැකි බව
දිවි ඇති තුරු මට
සවනට කොඳුරා
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
අහස් වියන යට
පොළෝ තලය මත
ඔබ සිත මට දෙන
සෙනේ තරම ගැන
මා සිත දවනා
උණුසුම් හැගුමන්
ළයට තුරුල් කර
ඔබට කියන්නට
ඔබ අද මා ළඟ නෑ
Subscribe to:
Posts (Atom)