Blog Archive

Tuesday, November 11, 2014

ඔබ ඔතැන ඉන්න


ඉවුරු යා කළ
බිඳුණු පාළම
වැල් බිඳී වර පට ලිහී
එතෙර වූ ඔබ
මා මෙතෙර හැර
එහා ඉවුරේ ඉකි බිඳී
මතක මං පෙත
කඳුළු හසරැළි
අපේ තනියට ළඟ උනී
කියන් යන හැටි
නුඹව අත හැර
මේ නදී තෙර මග හැරී
ආදරෙන් නුඹ
සුරැකි මා හද
නුඹ දමා යනු නොරිසි වී
පෙළයි හදවත
දුක් ලසෝ ගිනි
ඇවිල මා හද ගිනි වැදී
මෙහා ඉවුරෙන්
එහා ඉවුරට
එන් වරමක් මට නැතී
නැගී පැද යමි
ඔරුව ඈතට
නුඹ ඉන්න ඔතැනම රැඳී

No comments:

Post a Comment