Blog Archive

Tuesday, November 11, 2014

නිරූපිකාවගේ පේ‍්‍රමය



සිත්තරා නුඹ මගේ හද ගත්
ඇඳි මගේ හදවතේ සිතුවම්
නෙත් කොණින් 
මා දෙස බලාගෙන
ඇන්ද මල් කැටයම්
තවත් එක් යුවතියක් වූවට
නුඹේ කුටියේ තනිව ළඟඋන්
නුඹට ළං වී පෙම් කරන්නට
සිත හඬයි තනියෙන්
නුඹේ උණුසුම් සුරත අතරේ
සැඟවෙනා පින්සලක් සේ වී
ළඟින් ඉන්නට සිහින මවනා
ළබැඳි බොළඳිය මං
විරාගික නුඹේ සිතේ අද්දර
උවැසියක වී පිං කරන්නට
අහිංසක හීනයක් පොදි බැඳ
සසර මග එන්නම්
වෙන් වෙලා දුර ගියත් හෙට දින
මැකී ගිය මුත් මගේ හැඩ රුව
මා හිතේ නුඹ නමින් ඇඳි පෙම
ඇත සදා නොකැළැල්

1 comment:

  1. සිත්තරා නුඹ මගේ හද ගත්...... Lasanai Dimuth mee pda peliya..

    ReplyDelete