Blog Archive

Monday, November 10, 2014

මියැදුණු සෙණෙහෙ

හිම බිඳු වෑහෙන
පාළු මග කොණෙක
තනි වී වැළපෙමි
මියැදුණු සෙනෙහෙට
ම’හිස නවාගෙන
හිම පිරි වැස්සට
සඟවමි කඳුළැලි
මියැදුණු සෙණෙහෙක
අහස් වලා සිඹ
හමනා සුළඟට
ඉවකර සොයනෙමි
මට හුරු නුඹෙ සුව
හදේ ගැඹුරු තැන
රැඳි උණුසුම විඳ
සිහිකර තැවෙනෙමි
ළඟ නැති නුඹ ගැන
ඇති නම් සතුටින්
කොතැනක හෝ නුඹ
මියෙමි තුටින් මම
නුඹ ගැන මතකෙට

No comments:

Post a Comment