Blog Archive

Monday, November 10, 2014

සමුගන්න එනතුරු

සොයා දුර ගිය
කාලයේ වැලි තලා
අතරින් රිංගලා
තෙමී වියැළුණු
කඳුළු කැළලෙක
රිදුණු තැන් මතකය මකා
අහස් ගඟ බඩ
සයුරු මානේ
මා හෙළුෑ කඳුළැලි වසා
මතකයන් මග
අමතකව තව
දුකින් හිනැහෙනවද ඔයා
නුඹ ළඟින් උන්
කාලයේ මග
මතක අමතක වූ නියා
නුඹේ හසරැළි
ගෙනේ මතකෙට
අහිමි සුව විඳි මා එදා
නුඹේ හද පුදසුනේ
මා පිදු
මලක් යළි හදවත තබා
ඉන්නවා මං
එනතුරා යළි
සමුගන්න ඔබ මා කරා

No comments:

Post a Comment