Blog Archive

Monday, November 3, 2014

මං ඔයාට ආදරෙයි

මං ඔයාට ආදරෙයි,
මේක කියන්න 
මං ගොඩක් කල් බලං උන්නා,
ඔයත් එක්ක අත් අල්ලං
එහෙ මෙහෙ යද්දි
මං ඔයාට ආදරෙයි කියලා
මං කියන්න හැදුවා
ඒත් මට ඒක
කියා ගන්න බැරි උනා.
ඔයාගෙ හිතේ උන්නු කෙනා
ඒයාගෙ හිතේ ඔයා නෑ
කියලා කියපු දවසෙ
ඔයා මගේ උරිසෙ ඔළුව තියං
අඩද්දි
මං උඹට ආදරෙයිනෙ කියලා
මං කිව්වා
ඔයා
ඒක මං දන්නවා බං
කියලා ආයිම මගේ උරිසෙ
ඔළුව ගහගත්තා
එතෙන්දි
උඹ නොකියා ඔයා
කියා ගන්න මට බැරි උනා.
වහින වෙලාවට
කුඩයක් ගේන්නෙ නැතිවට
මට බැන බැන
එක කුඩේ යටිං
තුරුල් වෙලා යද්දි
ඔයාට ආදරෙයි
කියන්න මට බැරි උනා
රත් වෙච්චි මහ පාරෙ
දාඩියෙන් පෙඟුණු
අත් පටලවං යද්දිත්
මට ඔයාට ආදරෙයි
කියන්න බැරි උනා
ඒත්
එක පාරට
මගේ මූණට එබිලා
මං ඔයාට ආදරෙයි
කියලා ඔයා කියද්දි
එහෙම කියලා
මගේ පපුවට තුරුල් වෙද්දි
මං
මං ඔයාට ආදරෙයි කිව්වා
වචන වලින් නෙවෙයි
කවදාවත් කියගන්න බැරි වුණු
ඒ වචන
ඇත්තටම ආව හදවතින්
ඔයාට ඒක ඇහුණා
ඔයා
මාව හයියෙන් තුරුල් කරගත්තම
ඔයාට
එක් ඇහුණු බව
මට දැණුනා
ඇත්තමයි
මං ඔයාට ආදරෙයි

No comments:

Post a Comment