Blog Archive

Monday, November 3, 2014

මිතුරා

සෙනෙහෙ මල් වල
පාට හොය හොය
ජීවිතේ දුර
ගිය ඔයා
සෙනෙහෙ ඇතිරූ
සොඳුරු පාරක
තනිව ගිය හැටි
සොය සොයා
මතක ඉම දිග
පාළු කතරක
තනිවු අරුමය
ගැන සිතා
අතරමං වූ
දිනෙක උන්නා
ළබැඳි මිතුරෙක්
ලෙස එදා
යළිත් කිසි දින
අතරමං වී
යන්න නොම දී
ළඟ සදා
ඉන්නවා මං
හදට එන තුරු
පෙමැති කුමරා
ඔබ සොයා

No comments:

Post a Comment