Blog Archive

Monday, November 10, 2014

වෙරළේ තනි වූ බෝතලය කී කව

තුරුළු කරගෙන
ඔබෙ ළයට මා
කැන්දගෙන මා ආදරෙන්
දුක්ඛ දොම්නස්
ඔබේ හද පෙළු
දුරැරළන්නට ඔබ හදින්
කැටුව ආ සඳ
සයුරු තෙර වෙත
නොනිත් නිම් හිම් නැති ලෙසින්
ළංව උන්නෙමි
මියෙන තුරු ඔබෙ
තවුල් ලතැවුල් හදවතින්
මිදී වියැකී
නුඹේ හද රැඳි
සෝ සුසුම් නොඑනා ලෙසින්
මාව අතහැර
මේ සයුරු තෙර 
යැතැයි නොසිතිමි කිසි ලෙසින්
මා තනිව මෙහි
නුඹ නැතිව යළි
කිසි දිනෙක නෙඑනා ලෙසින්
නික්ම යන්නෙමි
ඈත දියඹට
වෙළී පෙරළී රළ මතින්

No comments:

Post a Comment