Blog Archive

Monday, November 3, 2014

බේබද්දා

බිඳුණු වීදුරු මැදින්
සුළි සුළං හමා එන
මීවිතේ මත නොවුව
බඳුන් එකිනෙක ගැටෙන
පුස් බැඳුණු බිත්ති ඇති
ඉරි තැළුණු බිමක් ඇති
අවන් හල් කොණෙක හිඳ
අතීතයෙ මැව් සිහින
හුදෙකලාවේ විඳින
අනාගත සිහින ගැන
මංමුලා වී බලන
ගිළුණු ඇස්
සිනාසෙන
නමුදු මුව
නොපොපියෙන
කෙස් පැසුණු
මුත් තරුණ
බේබද්දා යැයි කියන
ඇසුණු විට සිනාසෙන
සථිර වූ පා පතින්
අවන්හල හැර යනෙන
එවන් රුව නොදුටු තැන
දැනෙන තෙත කාංසිය
මකාලන්නට එන්න
සොයන්නට ගොස් ඔහුව

No comments:

Post a Comment