Blog Archive

Monday, November 10, 2014

තෙමුණු සමණල්ලු

රත් වු සුළඟට
විසිරි මල් පෙති
සිසිල් වැව් දිය
කැළඹුවෙන්
නැගුණු රැළි මත
දඟ කරන්නට
සමණළුන් එති
සීරුවෙන්
ගැබ්බරව දිය
හෙළන්නට සිටි
අහස හෙල්ලී
බිය වුණෙන්
වැටුණු සිරි පොද
වැහි පොදට තෙමි
සමණළුන් නෑ
කොයි ගිහින්

No comments:

Post a Comment